Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

චීනයේ අපූරු වීදුරු පාලමක්

මේ මධ්‍යම චීනයේ Henan පළාතේ Luoyang හී දක්නට ඇති මීටර් 138 දිග වීදුරු පාලමකි. පාලම ඉදිකිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 1.9 ක පමණ මුදලක් වැය විය. කිලෝග්‍රෑම් 2,000 ක බරක් දරා සිටිය හැකි මෙහි ඉදිකිරීමට වීදුරු පුවරු 30 ක් පමණ යොදා ගෙන ඇත.





මෙම පාලම නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ෂණය සඳහා විශේෂ ප්‍රයෝගයක් යොදා ගෙන තිබේ. එනම් මෙම විශේෂ වීදුරු පුවරු මත ඇවිද යන විට වීදුරු කැඩී බිඳී යන්නාක් මෙන් සහින් ශබ්දය සමඟ හිතට ගතට හා දැනෙන ප්‍රබෝධයය. මේ සඳහා සංචාරකයින් විශේෂ කැමැත්තක් දක්වන අතර, එහි ඇති භයානක තත්වය අද්වීදීමට ඔවුන් තුළ ඇත්තේ විශේෂ කැමැත්තක් බව පැවසේ.