Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිරයි

ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කරයි. මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාව සදහන් කළේ. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ භාවිත වන ෆේස්බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස්අප් වැනි සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර වනු ඇති.

එසේම, ජාතිවාදී අදහස් සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන්නන් සහ හුවමාරු කරන්නන් පිලිබදව එම කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිවයි.