Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

බංග්ලාදේශයට වාර්තාගත ජයක්

නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයෙන් වාර්තාගත ජයක් හිමි කර ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ කඩුළු 5 කින් පරාජයට පත් වුණේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි.


කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුළු 6ක් දැවී ලකුණූ 214 ක් ලබා ගත්තේය. කුසල් පෙරේරා ලකුණු 74ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් ලබා ගත් අතර, උපුල් තරංග නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 32 ක් විය.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ඉනිම නිමා වීමට  පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නොදැවී ලකුණු 72 ක් ලබා ගත් මුෂ්ෆිකර් රහීම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම තරග පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ජාත්‍යන්තර තරග 50 ක් පරාජයට පත්ව තිබේ. 20 යි 20 තරග 50 ක් පරාජයට පත්වූ ලොව පළමු රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා අතරට එක්වන බව ද පැවසේ.