Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

මැයි මාසයේදී වූහාන් සිට ලන්ඩන් දක්වා සෘජු ගුවන් ගමන් සේවාවක් ඇරඹේ

චීනයේ දක්ෂිණ ගුවන් සේවාව (China Southern) වූහාන් නගරයේ සිට ලන්ඩන් නුවර දක්වා සිය සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට පියවර ගනී. එය ලබන මැයි මාසයේ සිට ක්රියාත්මක වේ. මේ වන විට දිනකට දෙවරක් එම ගුවන් සේවය චීනයේ Guangzhou නගරයේ සිට ලන්ඩන් නුවර බලා ගුවන් ගමන් සිදු කරනු ඇත. එම සේවාව රෝමය දක්වා දීර්ඝ කිරීමට ද දක්ෂිණ ගුවන් සේවාව ඉදිරියේදී බලාපොරොත්තු වේ.


සමාගමට අයත් Airbus - A330 ලන්ඩන් නුවර දක්වා ගමන් ගැනීමට නියමිත ය. එමෙන්ම බෝයින්ග් වර්ගයේ 787 s ගුවන් යානය රෝමය දක්වා ඉදිරියේදී ගුවන් ගමන් අරඹන බව පැවසේ. Wuhan මධ්යම චීනයේ Hubei පළාතේ අගනුවර වේ. මෙම නගරය සංචාරක ආකර්ශනය අතින් ඉතා ඉහළය. එමෙන්ම ඉපැරණි ඉතිහාසක් සහිත වාණිජ නගරයක් ලෙස ද සැළකේ. එම නිසා නව ගුවන් ගමන් සේවාව සංචාරක මඟීන්ට ඉත වැදගත් බව පැවසේ.