Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

එරිත්‍රියා නම් අප්‍රිකානු රටේ සම්මත අපූරු නීතිය - වාසනාවත් අවාසනාවත් අතර අතරමංවූ පිරිමි

අප්‍රිකානු රටක් වන එරිත්‍රියාවේ ක්‍රියාත්මක විවාහ නීතිය වන්නේ අනිවාර්යෙන්ම කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගත විය යුතු වීමය. මෙම නීතිය මගින් එරට පිරිමින් විවාහා දෙකක් සිදුකරගත යුතු අතර එයට අකමැති වන පිරිමි පුද්ගලයින් සිරගත කිරීමට රට තුළ ක්‍රියාත්මක නව පනත මගින් හැකියාව තිබේ.




එරට ඇතිවූ යුදමය තත්ත්වය හමුවේ පිරිමි පුද්ගලයින් වැඩි වශයෙන් යුද්ධය සඳහා එක්වීම නිසා පුරුෂයින් බොහෝ ප්‍රමාණයක් මරණයට පත්විය. එම නිසා එරට පිරිමි ප්‍රතිශතය සීග්‍රයෙන් අඩුවීම නිසාත් කාන්තා ප්‍රතිශතය වැඩිවීම නිසාත් මෙම නීතිය සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


යම් හෙයකින් පළමු විවාහය සිදු කරගත් පිරිමි පුද්ගලයෙකු දෙවැනි විවාහයට කැමති වුවත්, පළමු බිරිඳ දෙවැනි විවාහයට කැමති නොවන්නේ නම් එම පළමු බිරිඳට සිර දඬුවම් ලබා දීමේ හැකියාව මෙම පනත මගින් ලැබී තිබේ.