Social Icons

facebookrss feedemailtwitter

Monday, February 12, 2018

පසුගිය වසර 5 තුළ සිදුවූ ආපදා මරණ සංඛාව ඉහළට

2011 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ගතවූ වසර 05 ක කාලය තුළ සිදුවු ආපදා වලින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. 2016 වසරේදී පමණක් මරණ 140 ක් වාර්තා වී ඇති අතර, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 122 කි. 2016 වසරේදී ස්වභාවික ආපදා 602 ක් සිදුව ඇති අතර, ස්වභාවික නොවන ආපදා 84 ක් වාර්තා වී ඇති බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත. 2014 වසරෙන් පසු වැඩිම ආපදා සංඛ්‍යාවක් සිදුව ඇත්තේ 2016 වසරේදීය.