Social Icons

facebookrss feedemailtwitter

Monday, February 12, 2018

පාසල් ක්‍රිකට් සංවර්ධනයට තුන් අවුරුදු සැළැස්මක් 2018 සිට

ජාතික ක්‍රිකට් ක්‍රිඩාව ගෙවී ගිය වර්ෂ තුළ ලැබූ පසුගාමී තත්වයට මූලික හේතුව වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රිඩාව බිඳවැටීම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දේ. ඒ සඳහා දිගුකාලීන වැඩපිළිවෙලක අවශ්‍යතාවක් රට තුළ පවතී. එම නිසා ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම අනුව පාසල් ක්‍රිකට් ක්‍රීඩා ජාතික මෙහෙයුම් සැළැස්ම සැකසීම සඳහා කමිටුව ස්ථාපිත කර එමඟින් පාසල් ත්‍රිකට් සංවර්ධන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ. එම සැළැස්ම මේ වසරේදී ආරම්භ කෙරේ.


අවුරුදු තුනක් තුළ කාලයක් මෙය ක්‍රියාත්මක කෙරේ. පාසල් ක්‍රීඩකයින්ගේ දක්ෂතා සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීම, තෝරාගත් ක්‍රීඩාංගන කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සංවර්ධනය කිරීම, පාසල් ක්‍රිකට් තාක්ෂණික දැනුම සංවර්ධනය, ක්‍රිකට් පුහුණුකරුවන් හා ක්‍රිකට් භාර ආචාර්යවරුන් බලගැන්වීම ද සිදු කෙරේ.