Social Icons

facebookrss feedemailtwitter

Friday, February 16, 2018

තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක කලීඩ් මෙසූඩ් ජීවිතක්ෂයට

පාකිස්තානයේ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක කලීඩ් මෙසූඩ් නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. ඒකාබද්ධ හමුදාවේ ගුවන් ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත. කලීඩ් මෙසූඩ් නම් මෙම පුද්ගලයා තලේබාන් සංවිධානයේ යුද අවි මෙහෙයුම්වල දී මූලිකව ක්‍රියා කළ අයෙකි. ඉදිරි සතියේ දී නව නියෝජ්‍ය නායකයා පිළිබඳ තොරතුරු දැනුම් දෙන බව එම සංවිධානය සදහන් කර ඇත.


මේ අතර පාකිස්තානයට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් ජීවිත සහ දේපළ හානි රැසක් සිදුවූ බව වාර්තා වේ. පෙෂාවෝර් නගරයට ඒකාබද්ධ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් නව දෙනෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලැබූ බව සඳහන්ය.