Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 22, 2018

යුරෝපා සංගමයේ ආරක්ෂක ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි - මියුනිච් ආරක්ෂක සමුළුව

යුරෝපා සංගමයේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය පිළිබඳ පවතින ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රමවේදය ලිහිල් කළ යුතු බව අවධාරණය කෙරේ. කොමිසමේ සභාපති Jean-Claude Juncker මහතා ජර්මනියේ මියුනිච්හි පැවති ආරක්ෂක සමුළුවේදී මේ බව පැවසීය. එවැනි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ඡන්ද විමසීමකින් ඒකමතික ව සම්මත කිරීම අත්‍යාවශ්‍ය නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.


පසුගිය වසරේ යුරෝපා සංගමයේ සාමාජික රටවල් ස්ථිර ව්‍යුහගත සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීය. පසුගිය 16 වැනි දා ආරම්භ වූ 54 වැනි මියුනිච් ආරක්ෂක සමුළුව දින 3ක් පුරා පැවැත්විය.