Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 10, 2018

මැදපෙරදිග සාමයේ මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කිරීමට චීනයට ඇරයුම්

ඊශ්‍රායල, පලස්තීන - මැදපෙරදිග අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරද්දී, මැදහත්කරුවකු ලෙස සාම සැළසුම් ඉදිරිපත් කිරීම චීනයට පැවැරීමට තමන් සූදානම් බව පලස්තීන පාලන අධිකාරිය සදහන් කර ඇත. මේ වනතුරු මැදපෙරදිග අර්බුදයේ සාම මැදහත්කරු ලෙස ක්‍රියා කළේ ඇමෙරිකාවය.



කෙසේ නමුත් වත්මත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම යැයි නිල වශයෙන් නම් කිරීමත් සමඟ සාම කතා අර්බුදයකට ලක් විය. මේ හේතුවෙන් මැදපෙරදිග සාම වැඩපිළිවෙළට ඇමෙරිකාව ළං කර ගැනීම පලස්තීන පාලන අධිකාරිය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ වෙනුවට ඇමෙරිකාවට අභියෝගයක් වී ඇති චීනය ඊට සුදුස්සකු යැයි ඔවුන් යෝජනා කර ඇත.



ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් පැවත්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ මාසික සැසිවාරයට පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් සහභාගී වේ. ඊශ්‍රායල - පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාමන්‍යයෙන් සෑම මාසයකදීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්වන අතර ඊට දෙරටේ තානාපතිවරු ද සහභාගි වෙති. පලස්තීන ජනාධිපතිවරයාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලය තම කනස්සල්ල පළ කර ඇති අතර පලස්තීන ජනාධිපතිවරයාගේ සහභාගීත්වය ඉදිරියේදී පැවත්වීමට නියමිත සාම සාකච්ඡාවලට තිත තැබීමක් යැයි එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල නිත්‍ය නියෝජිතයා පැවසීය.