Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

හිටපු අගමැතිනි කලීඩා සියාට වසර 5 ක සිරදඩුවම්

දූෂණ චෝදනා හේතුවෙන් ඇයට මෙලෙස සිර දඩුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. බංග්ලාදේශයේ ඩකා අගනුවර අධිකරණයකදී ඇයට එරෙහිව පැවති දූෂණ නඩුවේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. මෙය දේශපාලන පළිගැනීමක් බවට ද ඇය චෝදනා කර ඇත. එමෙන්ම, ඇයගේ ආධාරකරුවන් ඩකා අගනුවර කලහකාරි අන්දමින් හැසිරීම හේතුවෙන් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බව සදහන්වේ. ළමා නිවාසයකට අරමුදලකින් මුදල් වංචා කිරීමක් පිළිබඳ විපක්ෂ නායකවරියට චෝදනා එල්ලවී ඇති බවයි, විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.


බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව ද වන කලීඩා සියා වංචාකර ඇතැයි පැවසෙන මුදල ඩොලර් දෙලක්ෂ පනස් දෙදහසකි. අවස්ථා දෙකකදී බංග්ලාදේශයේ අගමැතිනිය ලෙසට ද කටයුතු කල කලීඩා සියා අධිකරණයට පැමිණෙන අවස්ථාවේ එම ප්‍රදේශයේ ආරක්ෂාව ද දැඩි කර තිබු බව සඳහන්වේ.

මේ වන විට ලන්ඩනයට පිටුවහල් කර සිටින කලීඩා සියාගේ පුත්‍රයාට ද 2016 වසරේදී දුෂණ සහ අපරාධ චෝදනා රැසක් එල්ල වී ඇත. මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් හේතුවෙන් ඔහු පිටුවහල් කර තිබේ.

මේ අතර බංග්ලාදේශ අගමැතිනිය වන ශික් හෂීනා විසින් මහ මැතිවරණයක් ද ප්‍රකාශයට පත්කර ඇත. කලීඩා සියාගේ පක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය 2014 වසරේ පැවති මැතිවරණය වර්ජනය කළ අතර, ඔවුන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි විචාරක අදහස.