Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 21, 2018

හම්බන්තොට වරාය හේතුවෙන් චීනය බැඳුම්කර විකුණයි

චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් හෙවත් සී.එම්. පෝට් සමාගම හම්බන්තොට වරාය මිලදී ගෙන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සඳහා බැඳුම්කරයක් නිකුත් කර තිබේ. චීනයේ ව්‍යවහාර මුදලින් RMB මිලියන 500ක් එනම්, ඇමරිකානු ඩොලර් මිලියන 80ක් පමණ උපයා ගැනීම සඳහා වසර තුනකින් කල් පිරෙන මෙම බැඳුම්කර නිකුත් කර ඇත්තේ සියයට 5.15ක වාර්ෂික පොළියක් යටතේය.


එය චීන නව සේද මාවතේ සංවර්ධන කටයුතු සඳහා නිකුත් කරන පැන්ඩා බැඳුම්කර ලෙස චීන ෂෙන්සෙන් කොටස් වෙළදපොළ වෙත නිකුත් කර ඇති බව පැවසේ. සී.එම්. පෝට් සමාගම පසුගිය දෙසැම්බරයේදී හම්බන්තොට වරාය වසර 99 ක බද්දකට අත්පත් කර ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.12ක මුදලකටය.