Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 10, 2018

උදයංග වීරතුංග ලංකාවට ගෙන්වා ගැනීම කඩිනමින්

උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින නියෝජිත පිරිසක් එරට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත.


විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය 09 වැනි දින  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී. මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබාගැනීම සඳහා, අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ආගමන කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතීඥයන්ගේ සේවය ලබාගෙන ඇතැයි ද එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.