Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 14, 2018

රුසියාවේ යානයක් කඩා වැටේ

රුසියාවේ සරාටොව් ගුවන් සේවයට අයත් ඇන්ටනොව් - 148 වර්ගයේ ගුවන් යානයක් මොස්කව් නගරය ආසන්නයේදී කඩාවැටීමෙන් යානයේ ගමන්ගත් 71 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇත. යානය මොස්කව් ඩොමොඩෙඩොව් ගුවන් තොටුපලෙන් ගුවන්ගතවී විනාඩි 10කට පසු සියළු සබඳතා බිඳවැටී ඇති අතර, හිමෙන් වැසුනු භූමියකට කඩා වැටී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. යානයේ සුන්බුන් හමුවී ඇතත් කිසිවකු දිවිබේරාගෙන නොමැති බව බලධාරීහු පවසති.


කාර්යමණ්ඩලයේ පස් දෙනකු හා මගීන් 65දෙනකු යානයේ ගමන් කර ඇති අතර රුසියානු ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ යානය කඩාවැටීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.