Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 24, 2018

සිංගප්පූරු ජනතාවට ඩොලර් 300ක පාරිතෝෂිකයක්

අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300ක පාරිතෝෂිකයක් ගෙවන බව සිංගප්පූරුවෙන් වාර්තාවේ. පසුගිය වසරේ අයවැයෙන් සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්‍රතිලාභ සිංගප්පූරු වැසියන්ට හිමි විය යුතු බව සඳහන් කරමින් සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා මේ පිළිබදව අදහස් දක්වමින් සදහන් කර ඇත.


පාර්ලිමේන්තුවේදී අයවැය ඉදිරිපත් කරමින් සිංගප්පූරුවේ මුදල් අමාත්‍ය හෙන්ග් ස්වී කීත් අයවැය අතිරිකත්යක් වාර්තා වී ඇති බව සදහන් කළේය. ඒ අනුව අවුරුදු 21ට වැඩි සෑම සිංගප්පූරු පුරවැසියකුටම අදාළ අතිරිත්කයේ ප්‍රතිලාභ හිමිවිය යුතු බව සදහන් කර ඇත.