Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 20, 2018

චීනය සිදු කරන සෘජු විදේශ ආයෝජන කැපී පෙනෙන ලෙස වර්ධනය වේ

චීනය විදේශයන්හි සිදු කරන ඍජු ආයෝජන මාස 3ක් පුරා පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. චීන වාණිජ අමාත්‍යාංශය නිකුත් කළ සංඛ්‍යා ලේඛනයට අනුව ජනවාරි මාසයේ චීනය සිදු කළ විදේශ ආයෝජනයන් හී වටිනාකම ඇ.ඩො. බිලියන 10.8 කි. එය පසුගිය වසරේ එම කාලය හා සැසදීමේදී සියයට 39.7 ක වර්ධනයකි.


එම කාලය තුළ චීන ආයෝජකයින් රටවල් හා ප්‍රදේශ 99 ක ව්‍යාපාර 955 ක ඍජු ආයෝජන සිදු කර ඇත. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළට අදාළ රටවල් 46 ක සිදු කළ ආයෝජන පසුගිය වසරේ ජනවාරි මාසයට වඩා සියයට 50 කින් පමණ වැඩි වී තිබේ. ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව, ලාඕසය, වියට්නාමය, ඉන්දුනීසියාව, පාකිස්ථානය ඒ අතර කැපී පෙනෙන රටවල් අතර වේ.