Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 14, 2018

දෙවන ලෝක යුද සමයේ තවත් බෝම්බයක් සොයා ගැනේ

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර තේම්ස් නදිය ආසන්නයේ තිබී දෙවන ලෝක යුධ සමයට අයත්යැයි සැළකෙන බෝම්බයක් සොයාගැනීම හේතුවෙන් ලන්ඩන් නුවර ගුවන්තොටුපල තාවකාලිකව වසා දැමුණූ බව ද වාර්තා විය. බලධාරින් පවසන්නේ ජර්මනියේ නිශ්පාදිත එම බෝම්බය කිලෝ ග්‍රෑම් 500ක පමණ බරින් යුතුවන බවයි. ජෝර්ජ් වී ඩොක් නම් ස්ථානයේ තිබී බෝම්බය සොයාගෙන ඇත.


බොම්බය එම ස්ථානයෙන් ඉවත් කරන තෙක් පසුගිය 11 වැනි ඉරිදා දිනය පුරාම ගුවන්තොටුපල වසා දැමුනු අතර, සියලුම ගුවන් ගමන් අවලංගු කරනු ලැබිණි. බලධාරීන් පවසන්නේ මේ හේතුවෙන් 16,000 ක පමණ මගීන් පිරිසක් අපහසුතාවයට පත් වූ බවයි.