Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 14, 2018

මැතිවරණ ප්‍රතිඵලය

2018 පළාත් පාලන මැතිවරණයේ බලය අත්පත් කරගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබුණු පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 239 ක බලය අත්කරගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ආයතන 41 ක බලය හිමිවූ අතර දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 34 ක බලය අත්පත් කරගත්තේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒ සමඟ එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් යන දෙපාර්ශ්වයටම එක්ව බලය ලබාගත හැකිවූයේ පළාත් පාලන ආයතන 10 ක පමණි.