Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

ඉන්දීය අයවැයෙන් එරට යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ වැඩි අවධානයක්

ඉන්දියානු නව මූල්‍ය අයවැය මගින් එරට යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ වැඩි අවධානය යොමු කෙරේ. ඉන්දීය මුදල් අමාත්‍ය Arun Jaitley එරට පාර්ලිමේන්තුව වෙත 2018- 2019 වර්ෂයේ අයවැය ලේඛනය ඉදිරිපත් කර ති‍බේ. ඒ අනුව, එරට කෘෂිකර්මාන්තය, වෛද්‍ය සේවා, දුම්රිය ඇතුළු යටිතල පහසුකම් සඳහා ප්‍රමුඛතාවන් ලබා දී ඇත.


එමෙන් ම, අයවැය හිඟය එරට දළ දේශීය නිෂ්පාදිත වටිනාකමෙන් අඛණ්ඩ ලෙස සියයට 3.3ක පවත්වා ගෙන යන අතර නව වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 8කට ළඟා වනු ඇති බව එහි දැක්වේ. මේ අතර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාවසායන් සඳහා අඛණ්ඩ ව බදු අවම කිරීම හා ආනයනික ජංගම දුරකථන බදු ප්‍රථම වරට වැඩි කිරීම ද ඊට ඇතුළත් ය