Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 14, 2018

චීනය තවත් චන්ද්‍රිකා දෙකක් සාර්ථකව කක්ෂගත කරයි

චීනය තවත් බෙයිදෝ මඟපෙන්වීම් චන්ද්‍රිකා දෙකක් 12 වැනි දින සාර්ථකව කක්ෂගත කළේ ය. චීනයේ ස් චුවාන් පළාතේ ශී චන් චන්ද්‍රිකා අභ්‍යාවකාශගත කිරීමේ මධ්‍යස්ථානයේ සිටය. ලෝන් මාර්ච් ත්‍රී බී ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් කක්ෂගත කළ එම බෙයිදෝ මඟපෙන්වීම් චන්ද්‍රිකා දෙක චීනයේ බෙයිදෝ ත්‍රී චන්ද්‍රිකා ජාලයේ 5 වන සහ 6 වන චන්ද්‍රිකා දෙක ය.


මෙම චන්ද්‍රිකා දෙක කක්ෂගත කිරීම චීනයේ සාම්ප්‍රදායික නව අවුරුදු උදාවට පෙර බෙයිදෝ ත්‍රී චන්ද්‍රිකා ජාල ව්‍යාපෘතිය යටතේ චීනය ක්‍රියාත්මක කළ තුන්වන ගෝලීය ජාල චන්ද්‍රිකා දියත් කිරීම වේ.