Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 14, 2018

ජේකොබ් සූමාගේ අනාගතය

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාගේ අනාගතය පිළිබදව තීරණයක් ගැනීමට එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජාතික විධායක කමිටුව රැස්වේ. 75 හැවිරිදි ජනපති සූමාගේ 9 වසරක පාලන කාලය තුළ දූෂණ චෝදනා රැසක් එල්ල වූ අතර, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නව නායකයා ලෙස සිරිල් රමෆෝසා පත් කර ගැනුණේ ඉන් අනතුරුවය.


ඒ අනුව ජේකොබ් සූමාට ඉල්ලා අස්වී නව නායකයා වෙත බලය පවරන ලෙස විධායක කමිටුව ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ. අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නව නායක සිරිල් රමෆෝසා සඳහන් කර ඇත්තේ, දකුණු අප්‍රිකාවේ පළමු කලු ජාතික නායක නෙල්සන් මැන්ඩෙලා පෙනී සිටි අරමුණු උදෙසා දකුණු අප්‍රිකානුවන් ඉදිරියේදී කටයුතු කළ යුතු බවය.