ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී කාන්තාවක් පසුගියදා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබේ. ඩබ්ලිව්. එම්. ශිරෝමාලා නම් එම අපේක්ෂිකාව ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක් වන්නේ පළමු ආදිවාසී මහජන නියෝජිතවරිය ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහිඅත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයෙන් ඇය ජය ලැබුවාය.
ජයග්‍රහණයෙන් අනතුරුව ඇය පවසා සිටියේ වැදි ජනතාව වෙනුවෙන් සහ තම සංස්කෘතිය හා ආගම වෙනුවෙන් කටයුතු කරන බවයි. තමන් පළාත්සභා මැතිවරණයටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.