Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 14, 2018

මහා ශිව රාත්‍රීය සැමරේ

ලොව පුරා හින්දු ජනතාව ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම අද දිනයේ විශේෂත්වයක් වේ. අඳුර ආලෝකයට හැරවූ රාත්‍රිය ශිව රාත්‍රිය ලෙස හින්දු බැතිමතුන් සළකනු ලබයි. ශිව රාත්‍රිය නිමිත්තෙන් උපවාසයේ නිරත වන හින්දු බැතිමතුන් මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන පූජාවෙන් එම උපවාසය අවසන් කරනු ඇත. මෙදින නොනිදා රැය පහන් කරමින් එම කාලය තුළ ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් දැන හෝ නොදැන තමන් විසින් සිදු කෙරුණා වූ පාපයන්ට සමාව ලැබී දුක්ඛ දෝමනස්සයන් දුරස් වී සිතට ශාන්තියත්, නිරත කාර්යන්හි ජයග්‍රහනයත්, අවසානයේ මෝක්ෂයත් අත්කර ගැනීමට හේතුවන බව ශිව බැතිමතුන්ගේ විශ්වාසය වේ.