Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

G - 24 තාක්ෂණික කමිටු රැස්වීම ශ්‍රී ලංකාවේදී

G -24 රටවල්හි තාක්ෂණික කමිටු රැස්වීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් 27 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කරනු ඇත.   දෙදිනක් මුළුල්ලේ පැවැත්වෙන මෙම තාක්ෂණික කමිටු රැස්වීම සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යංශ ලේකම්වරුන් හා මහා බැංකු අධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් 45 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.



G -77 රටවල් සමූහයේ පරිච්ඡේයක් වන 24 කණ්ඩායම 1971 දී ස්ථාපිත කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය සහ මූල්‍ය ගැටලූ සංවර්ධනය පිළිබඳ සංවර්ධනය වෙමින් පවත්නා රටවල්හි ස්ථාවරයන් සම්බන්ධීකරණය කිරීමට මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡාවන්හි ප්‍රමාණවත් ලෙස නියෝජනය කිරීම තහවුරු කිරීමේ අරමුණින්ය.

ජාත්‍යන්තර මූල්‍ය කටයුතු හා සංවර්ධන පිළිබඳ අන්තර් රාජ්‍ය 24 කණ්ඩායම ලෙස නිල වශයෙන් හඳුන්වන G-24 කණ්ඩායම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලේකම් කාර්යාල සේවා සපයනු ලබයි. G-24 තාක්ෂණික කමිටු රැස්වීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මූල්‍ය කමිටු හා සංවර්ධන කමිටු රැස්වීම්වලට පෙරාතුව න්‍යාය පත්‍රයේ අඩංඟු කරුණු සංවර්ධනය වෙමින් පවත්නා රටවල සාමාජිකයින්ට කල් වේලා ඇතිව සාකච්ඡා කිරීමට හැකිවන පරිදි වසරකට දෙවතාවක් පැවැත්වේ.   G-24 කාර්යාංශය, G-24 කණ්ඩායමේ විධායක අංශය වන අතර එහි සභාපති, පළමු උප සභාපති, දෙවන උප සභාපති  සහ හිටපු සභාපති දෙදෙනෙකුගෙන් සමන්විත වේ. වර්තමානයේදී මෙම G-24 කාර්යංශයේ නායකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එහි සභාපතීත්වය දරයි.