Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

දුම්රිය අනතුරු වැළැක්වීමට සැලසුම්

දුම්රිය මාර්ග අනතුරු සිදුවන ස්ථාන හඳුනාගනිමින් ඒවා වැළැක්වීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පවසයි. ඒ අනුව මේ විට කෙටිකාලීන ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා දුම්රිය, දුම්රිය ස්ථානවල නැවැත්වීමේ ස්ථාන ප්‍රමාණය අඩු කිරීම මෙන්ම දුම්රිය කාලසටහන වෙනස් කිරීම සිදු කර තිබෙන බව සඳහන් කළේය.


එසේම ඒ ඒ දුම්රිය ස්ථානවල දුම්රිය මගීන් දැනුවත් කිරීම ශබ්ද විකාශනය මඟින් සිදු කිරීම කෙටි කාලීන ආරක්ෂිත ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කර තිබේ. එසේම දුම්රිය වැටිවල විශේෂ වර්ණයක් යෙදීමට ද යෝජනා කර තිබෙන බවත් මාර්ග ඉදිකිරීමේදී දුම්රිය මාර්ගයට ආසන්නව ඉදිකිරීම් සිදු නොකිරීමට ක්‍රියා කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.