Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 3, 2018

උතුරු එංගලන්තයේ ලැව්ගින්න පාලනයට ගිනි භටයන් 100කට වැඩි පිරිසක්

උතුරුදිග එංගලන්තයේ පැතිර යන ලැව්ගින්නක් පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් 100කට අධික පිරිසක් යොදවා තිබේ.

උතුරු දිග එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් පරිබාහිර ප්‍රදේශයක ලැව් ගින්නක් ශීඝ්‍රයෙන් පැතිර යන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ ප්‍රදේශයේ පැවති උණුසුම් කාලගුණය සහ සුළං හේතුවෙන් ගින්න ප්‍රදේශ කිහිපයකටම පැතිර ගොස් ඇති අතර මැන්චෙස්ටර් පොලිසිය මේ ගින්න ජනතාවට තර්ජනයක් විය හැකි ප්‍රධාන සිද්ධියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් 100කට අධික පිරිසක් යොදවා ඇති අතර ගින්නෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.