Social Icons

facebookrss feedemailtwitter

Monday, July 9, 2018

මත්තල තක්සේරුව ඩොලර් මිලියන 325යි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ ඇමෙරිකානු ඩොලර් මිලියන 300ත් 325ත් අතර තක්සේරු වටිනාකමකට වසර 40ක් සඳහා ඉන්දියාවට බදුදීමට තීන්දුකර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කර සිටී. ඉන්දියානු රජයේ නියෝජිතයන් පිරිසක් සමග මේ  පිළිබඳව දැනටමත් සාකච්ඡා

පවත්වා ඇති බවද පැවසේ. ඉන්දීය ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ගුවන් තොටු‍පොළ දියුණුකරන බව පැවැසූ අශෝක් අබේසිංහ මහතා ගුවන් තොටු‍පොළෙන් සියයට 70ක් ඉන්දියාවටත් සියයට 30ක් ශ්‍රී ලංකාවටත් ලැබෙන ලෙස අදාළ ගිවිසුම සකස් කරන බව සදන් කරයි.

මත්තල ගුවන් තොටු‍පොළ වර්තමානයේ මාසයකට රුපියල් ලක්ෂ 75ක ආදායමක් උපයන නමුත් ගුවන්තොටු‍පොළ සඳහා මාසයකට කෝටි 25ක් වියදම් වන බව අශෝක් අබේසිංහ මහතා පැවැසීය. මේ සඳහා වසරකට කෝටි 125ක ණය වාරිකයක්ද ගෙවීමට සිදුව ඇති බවත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළේ ආදායමෙන් වසර තුනහමාරක් එම ණය වාරික ගෙවූ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඉදිරියේදී මෙම ගුවන්තොටු‍පොළ බදුදීමේ අදාළ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.