Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

ආර්ජන්ටිනා යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 4ක්

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4ක් සුදුසුකම් ලබයි.

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ආසියාවේ සුදුස්සන් තෝරා ගැනීමට තායිලන්තයේ බැංකොක් නුවර පැවැති තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 3ක් හා ක්‍රීඩිකාවන් 4ක් සහභාගී වූහ.

එහිදී මීටර් 2000 බාධක දිවීමේ කාන්තා තරගයේ රන් පදක්කම දිනාගත් කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ පාරමී වසන්තී විනාඩි 6: 35. 20කින්, මීටර් 400 පිරිමි තරගයේ රන් පදක්කම දිනාගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඩිලාන් බෝගොඩ තත්පර 48. 58කින්, උස පැනීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනාගත් සෙනිරූ අමරසිංහ මීටර් 2.14කින් හා මීටර් 200 කාන්තා තරගයේ සිවුවැනි ස්ථානයට පත්වූ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ෂෙලින්දා ජේසන් තත්පර 25. 50කින් යොවුන් ඔලිම්පික් පරිසාධන මට්ටමට ළගා වූහ.