Social Icons

facebookrss feedemailtwitter

Monday, July 9, 2018

ෆීනික්ස් නෞකාව පෙරළීමෙන් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් තවදුරටත්

තායිලන්තයේ - ෆූකට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු වූ නෞකා අනතුරෙන් විපතට පත්වූවන්ගේ ඥාතීන්ට සහය ලබාදීමේ මධ්‍යස්ථාන 3 ක් ඇරඹේ.

තායිලන්තයේ චීන තානාපති කාර්යාලයේ සහ චීන රජයේ සහය ඇතිව මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරේ. ඉන් දෙකක් ෆූකට් ගුවන්තොටුපළ ආශ්‍රිතව ක්‍රියාත්මක වේ. අනෙක් මධ්‍යස්ථානය එහි පිහිටි රෝහලක ස්ථාපිත කෙරේ.

පසුගිය 8 වැනි දින පස්වරුව වන විට එම අනතුරෙන් මිය ගිය සමස්ත සංඛ්‍යාව 42 ක දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් විය. ඉන් 41 ක් චීන ජාතිකයෝ වෙති. 14 දෙනෙකු මේ වනවිටත් අතුරුදන්ව ඇත. අනතුරට ලක්වන විට එම ෆීනික්ස් නමැත් එම යාත්‍රාවේ මගීන් 105 දෙනෙකු ගමන් කර ඇති බව සදහන්. මේ වනවිට අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.