Social Icons

facebookrss feedemailtwitter

Monday, July 2, 2018

අයිසීසී සමුළුවේදී ශ්‍රී ලංකාවට අධීක්ෂණ මට්ටම පමණයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙවර වාර්ෂික රැස්වීමේදී ශ්‍රී ලංකාවෙන් යවා ඇති නියෝජිතයා අධීක්ෂණ මට්ටමෙන් ඊට සහභාගි කරවා ගැනීමට එම කවුන්සිලය තීරණය කර තිබේ.

අයි.සී.සී. ය. මෙම තීන්දුව ගෙන ඇත්තේ මෙවර ඊට සහභාගි වන්නේ නිලවරණයකින් පත්වූ නියෝජිතයන් නොවීමයි. මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය වන්නේ නිසි බලධරයෙක් යටතේය.

එම බලධරයා වන පළාත් සභා හා පළාත් පාලන ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම් කමල් පද්මසිරි මේ දිනවල අයර්ලන්තයේ පැවැත්වෙන අයි.සී.සී. වාර්ෂික සම්මේලනය නියෝජනය කිරීම සඳහා එහි ගොස් ඇතත් ඔහුට ඊට සහභාගී වීමට සිදුව ඇත්තේ අධීක්ෂණ මට්ටමෙන් පමණි. මේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට අයි.සී.සී.යෙන් වාර්ෂිකව ලැබිමට නියමිත මුදලින් රුපියල් කෝටි 700ක මුදලක් අහිමි වීමේ තර්ජනයක් මතුවී තිබේ.  ක්‍රිකට් අතුරු කමිටු පත්කිරීම හේතුවෙන් මීට වසර තුනකට පෙරද ශ්‍රී ලංකාවට මෙවැනිම තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.