විදේශ රටවල පුරවැසිභාවය ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 35,000 කට පමණ පසුගිය වසර 3 තුළ ශ්‍රී ලංකා රජය ද්විත්ව පුරවැසිභාවය පිරිනමා තිබේ.
පසුගිය වසරේ පමණක් ශ්‍රී ලාංකිකයින් 12,000 කට පමණ ද්විත්ව පුරවැසිභාවය ලබාදුන් බව ආගමන විගමන පාලක එම්.එන් රණසිංහ මහතා පැවසීය. ඔහු සඳහන් කළේ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් 700ත් 800ත් අතර සංඛ්‍යාවක් මසකට ලැබෙන බවයි. විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් මගින් එම අයදුම්පත් පුළුල්ව පරීක්ෂාවට ලක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය. විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේ වැඩපිළිවෙළ 2015 මාර්තු මාසයේදී ආරම්භ කෙරිණ.