Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

රබර් වගාව සංවර්ධනයට චීනයේ සහාය

රබර් වගාව සංවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙලක් සැළසුම් කෙරේ. ඒ සඳහා චීනයේසහය ලබා ගැනේ.

දැනට ලෝක වෙළදපලේ පවතින තත්වය සමඟ ශ්‍රී ලංකා රබර් වෙළද පොළට තරඟකාරිත්වයක් ලබාදිමේ ගැටලු මතුව ඇත. ඊට ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය ආශ්‍රීත නිෂ්පාදන වියදම ඉහල යාම ප්‍රධාන හේතුවකි.

එම තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රබර් කිරි අස්වැන්න වැඩිදියුණු කිරීම සැළසුම වී ඇත. ඊට රබර් ඉඩම් නැවත වගා කිරිම නියමිත වේලාවට කිරි කැපීම ඇතුළු යෝජනා ගණනාවක්ඇතුලත් බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පෙන්වා දේ. මෙරට රබර් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 30 ත් 50ත් අතර මුදලක් ලබාදීමට චීනය එකඟත්වය පළකර ඇත.