Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

බදු ප්‍රතිපත්තිය නිසා ඇමරිකානු සමාගම් ගැටළු රැසකට මුහුණ දේ

බදු වැඩි කිරීමෙන් ඇමරිකා සමාගම් නිෂ්පාදිත පිරිවැයෙහි වියදම ඉහළ යයි. පසුගිය 6 වැනි දා සිට චීනයෙන් ආනයනය කළ ඇමරිකානු ඩොලර් බිලියන 34 ක වටිනාකමෙන් යුත් නිෂ්පාදනය කෙරෙහි රේගු බදු සියයට 25 කින් වැඩි කිරීමට ඇමරිකාව ක්‍රියා කළේය.

මෙම ක්‍රියාව නිසා ඇමරිකානු සමාගම් වලට හා පරි‍භෝගිකයින්ට විශාල බලපෑමක් එල්ල කරන අතර, ලෝක වෙළඳ පද්ධතිය විශාල අවදානමට මුහුණ දී සිටී. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ උගත් බුද්ධිමත් පුද්ගලයින් හා ඉන් බලපෑමට ලක් වූ අදාළ කර්මාන්ත අනතුරු අඟවා ඇත.

මේ නිසා ඇමරිකානු සමාගම්වල ප්‍රතිලාභීන්ට ද හානි සිදු වේ. චීන නිෂ්පාදන කෙරෙහි බදු වැඩි කිරීමෙන් ඇමරිකාවේ විවිධ සමාගම් උපකරණ හා ප්‍රාග්ධනය යනාදී ක්ෂේත්‍රවල පිරිවැය වියදම ද වැඩි වී තිබේ. එරට වෛද්‍ය උපකරණ කර්මාන්ත කේෂ්ත්‍රයේ හා චීනයේ ඊට අදාළ දෙපාර්තමේන්තුව එක්ව මෙම ගැටළුව විසඳීම සඳහා අඛණ්ඩව සාකච්ඡා කෙරේ.

එම සාකච්ඡා අඛණ්ඩ ප්‍රගතියක් ලබා ඇති බව ඇමරිකානු වෛද්‍ය තාක්ෂණ සංගමයේ උප සභාපති Ralph Ives මහතා පැවසීය. ඇමරිකාව ක්‍රියාත්මක කරනු ලබන බදු ක්‍රමවේදය නිසා එම සංගමය තුළ මෙන්ම සාමාජික සමාගම් හා චීනය අතර පවතින සහයෝගයට ඉන් විශාල බලපෑමක් එල්ල වනු ඇති බවට තමන් කණගාටු වන බව ඔහු පවසා තිබේ.