න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සදහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ බ්‍රහස්පතින්දා නැවතත් උතුරු කොරියාව බලා නික්ම යාමට නියමිත ය.
එහිදී ඔහු උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමග සාකච්ඡාවල නිරතවනු ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය. පසුගිය ජුනි 12 වනදා සිංගප්පූරුවේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර පැවති සාකච්ඡාවෙන් පසු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියාවට පැමිණෙන පළමුවන අවස්ථාව මෙය වේ. උතුරු කොරියාව න්‍යෂ්ටික අවි වලින් තොර රටක් බවට පත් කිරීම, සහතික කරලීම, රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ අරමුණ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.