Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

ජනපති ඉන්දීය සහ ජපාන නිල සංචාරය අරඹයි

ඉන්දීය සහ ජපාන සංචාරයක් සඳහා ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මහතා අද උදැසන දිවයිනෙන් පිටත්ව යයි. ඒ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ ආරම්භක උළෙලට සහභාගීවීම සදහාය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සංචාරයට එක්වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති එමානුවේල් මැක්‍රොන්ගේ ඒකාබද්ධ ආරාධනයකට අනුවය. මෙම සමුළුව සඳහා  රාජ්‍ය නායකයින් ඇතුළු ඉහළ පෙලේ නියෝජිතයින් 500 කට ආසන්න පිරිසක් සහභාගී වේ. බලශක්ති අවශ්‍යතා සපුරාගැනීමට සූර්ය බල ශක්තිය පිළිබඳ තිබෙන තාක්‍ෂණය වඩාත් වේගවත් හා පුළුල් කර ගැනීම අදාළ ව්‍යාපෘති සඳහා පිරිවැය අවම කර ගැනීම ඇතුළු කටයුතු වෙනුවෙන් පොදු වේදිකාවක් නිර්මාණය කර ගැනීම මෙම සමුළුවේ අපේක්‍ෂාවය. සිය දෙදින නිල සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ සමුළුවට එක්වන රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.