Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 6, 2018

මේ වසර අවසානයේදී බත්තරමුල්ල දුම්රිය සේවාව ආරම්භ කෙරේ

රටක් සංවර්ධනයට ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් විය යුතුය. ඒ අනුව යමින් රජය බත්තරමුල්ල නගරය ඉලක්ක කරගනිමින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතියේ කටයුතු මේ වසර අවසානයේදී අරඹන බව, පැවසේ. එහි ප්‍රධාන ශක්‍යතා අධ්‍යනය , පරිසර අධ්‍යනය ජුනි මාසය වන විට සිදුකර අවසන් කිරීමට අපේක්ෂිතය. ජපන් ආධාර මත සිදුකරන මෙම ව්‍යාපෘතිය මගින් පැයකට මගීන් 3000 ක් එහා මෙහා ගෙන යෑමේ හැකියාවක් පවතී.


දුම්රිය අංගනයට අමතරව කාර්යාල සංකීර්ණයක් සමඟ බස්රථ ඇතුලූ අනෙකුත් වාහන සඳහා නැවතුම් අංගනයක් ද ව්‍යාපෘතියට සමගාමීව ඉදිකිරීමට නියමිතය.