Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

චීනයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉදිරියෙන් - ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය

චීනයේ න්‍යෂ්ටික ආරක්ෂක නීතිය රටේ හා කලාපයේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් ක්‍රියාකත්මක වන්නක් බව පැවසේ. එම නීතියට අනුව නෂ්‍ය්ටික හානියකදී වන්දි ගෙවීමේ රෙගුලාසි, න්‍යෂ්ටික අනතුරක් සිදු වුවහොත් ඊට අදාළ ආයතනය ඒ සඳහා වගකිව යුතුය. ඒ අනුව අනතුරට හේතුව කවරාකාරායෙන් වුවද නෂ්‍ය්ටික හානි සඳහා වන්දි ගෙවිය යුතු වේ.


න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිෂ්පාදනය සිදු කරන රටවල් අතර ඉහළින් සිටින රටක් වශයෙන් චීනය හඳුන්වා දිය හැකිය. සිය න්‍යෂ්ටික බලශක්ති වැඩපිළිවෙළට වසර 30 ක් පමණ ගතවී තිබේ. ලොව සිදුවූ න්‍යෂ්ටික අනතුර පිළිබඳ ලේඛණයේ 2 වැනි මට්ටමට චීනය ඇතුළත් වේ.

අනතුරු පිළිබදව හෝ කිසිදු සිදුවීමක් හෝ වාර්තා නොවීම එම කාණ්ඩයේ විශේෂත්වය වන අතර චීනය විසින් කිසිදු න්‍යෂ්ටික අනතුරු ඇඟවීමක් ලොවට සිදුකර නොමැති බව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ද සඳහන් කර ඇත.