Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 7, 2018

නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ මතු වූ දෙමළ ඩයස්පෝරා මත ගැටුම -

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එම සංවිධාන ඉලක්කයක් කරගනී.  බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපට විරෝධතාවයේ නිරත වූ කොටි හිතවාදී විරෝධතාකරුවන්ට ජාතික ධජය පෙන්වා ප්‍රතිචාර දැක්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා තානාපති කාර්යාල සේවයෙන් ඉවත් කළ යුතු බවට කොටි හිතවාදී සංවිධාන ගණනාවක් බ්‍රිතාන්‍ය රජය වෙත බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.  UPDATE
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව යුධ හමුදාපති ලුතිනන්ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසා ඇත.
 
යුධ හමුදාපතිවරයා පෙන්වාදෙන්නේ ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවය. පසුගිය 4 වැනි දින ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිසකට අභිනයෙන් සිදුකළ දැනුම්දීමක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනාවක් එල්ල විය. සම්බන්ධයෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගත් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වී අදාළ නියෝගය ඉවත් කරනු ලැබීය. අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. මේ පිළිබඳව යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ, අදාළ සිද්ධිය පිළිබඳව සොයාබැලීමේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා කිසිඳු විනය විරෝධී ක්‍රියාවක් සිදුකර නොමැති බවය.

නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට රැස්වූ මේ පිරිස විරෝධතාවයේ නිරත වෙමින් සඳහන් කර ඇත්තේ, තමන්ට එංගලන්තයේ පුරවැසිභාවය ලැබිය යුතු බවය. ශ්‍රී ලංකාවට යාමට නොහැකි අනාරක්ෂිත වතාවරණයක් පවතින බැවින් තමන් මේ ආකාරයෙන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවද ඔවුන් සඳහන් කර ඇත.

නමුත් බ්‍රිතාන්‍යයේ වෙසෙන නීත්‍යානුකූල ශ්‍රී ලාංකිකයන් පවසන්නේ මෙවැනි කෙටි උද්ඝෝෂණවලට සහභාගි වී ඒවා වීඩියෝගත කරමින් ඡායාරූප ලබා ගනිමින් හැසිරෙන මෙම පුද්ගලයන් එරට අධිකරණ හමුවේ නඩු ගොනු කරමින් පෙන්වා දෙන්නේ තමන් මෙවැනි උද්ඝෝෂණවල ද නිරත වෙමින් ශ්‍රී ලංකාවට යා නොහැකි බව ප්‍රදර්ශනය කර ඇති බවය.



නිදහස් දිනය දා එලෙස පැමිණි පිරිසක් විරෝධතාවයේ නිරත වන අතර වාරයේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ජාතික ධජය පෙන්වමින් හස්ත සංඥාවෙන් උද්ඝෝෂකයන්ට ප්‍රතිචාර දැක්වීම මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටත සිදු වූ සිදුවීමක් බව ද සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත.



නමුත් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරා සංවිධාන හා ඒවාට අනුබද්ධ වෙනත් සංවිධාන හා ආයතන නියෝජනය කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාළ බ්‍රිගේඩියර්වරයා ඉවත් කරන ලෙස රජයට බල කරන බව ද වාර්තා වේ.