Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

මහනුවර පාසල් 45ක් නාය යෑමේ අවදානමක

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45ක් නාය යෑමේ අවදානමක පවතින බව මහනුර දිස්ත්‍රික් අපදාකළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මේ වන විට එම පාසල් අතුරින් පාසල් 18ක් නාය යෑමේ අවදානමින් මුදවා ගැනිම සඳහා කටයුතු කර ඇති බව මහනුර දිස්ත්‍රික් අපදාකලමනාකරණ සහකාර අධ්‍යක්ෂක අයි. ඒ. කේ . රණවීර මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මෙම අවදානම් තත්ත්වය සහ ඊට අදාල තොරතුරු සම්බන්දයෙන් ජනතාව සහ මාධ්‍යවේදින් දැනුම්වත් කිරිමේ මහනුවර පැවති සම්මන්ත්‍රණයකට සමභාගි වෙමිනි. නාවලපිටිය , ගඟවටකොරළය සහ උඩුදුම්බර යන ප්‍රදේශවල හදිසි අපදා තත්ත්යවන්ද ඇති විය හැකි බව එහිදි වැඩිදුරටත් ඒ මහතා පැවසීය.