Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය සාමුහික ගිවිසුමකට අත්සන් කරයි

බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් අනතුරුව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන සාමූහික ගිවිසුමකට එරට කැබිනට් මණ්ඩලය අත්සන් තබා තිබෙනවා.

පැය 12ක පමණ කාලයක් පැවති රැස්වීමකින් අනතුරුව එම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යුරෝපා සංගමය සමග වෙළඳ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් වන එකගතාවකට ද මෙම ගිවිසුමේදී එළඹ ඇති බව සඳහන්.