Social Icons

facebookrss feedemailtwitter

Saturday, July 7, 2018

අන්තර් ජාලය හරහා සිදුවන අපරාධ වැලැක්වීමට විශේෂ පොලිස් ඒකකයක්

අන්තර් ජාලය හරහා සිදුවන අපරාධ වැලැක්වීමට සහ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිම සඳහා සෑම ප්‍රදේශයක් ම ආවරණය වන පරිදි වෙනමම පොලිස් ඒකක පිහිටු වන බව පොලිස්පති පුජිත ජයසුන්ද මහතා පවසයි.

අන්තර්ජාලය භාවිත කරමින් විවිධ අයුරින් සිදුවන අපරාධ සහ දුෂණ වර්තමානයේ ඉහළ යමින් පවතින බැවින් මෙම සයිබර් අපරාධ පොලිස් විමර්ශන ඒකක පිහිටුවිමට කටයුතු කල බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා ඇත. පළමු සයිබර් අපරාධ පොලිස් විමර්ශන ඒකක පසුගිය දා කොළඹ ප්‍රධාන පොලිස් මූලස්ථානයේ නයේ ස්ථාපිත කෙරිණ.