Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

ස්පයිඩර් මෑන් සම නිර්මාතෘ මියයයි

ස්පයිඩර් මෑන් චරිතය නිර්මාණය කිරීමට දායකත්වය ලාබදුන් එහි සම නිර්මාතෘවරයෙකු වන ස්ටීව් ඩිට්කෝ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී මියගොස් ඇත.

මහල් නිවාස සංකිර්ණයක් තිබී පසුගිය 29 වන දා දේහය සොයා ගත් බවයි වාර්තා වන්නේ. මියයන විට ඔහු 90 වන වියේ පසුවිය. 1962 වසරේ දී ස්පයිඩර් මෑන් යන චරිතය නිර්මාණය කරනු ලැබුවේ ස්ටැන් ලී (Stan Lee) සහ ස්ටීව් ඩිට්කෝ (Steve Ditko) දෙදෙනා එකතුවෙනි.