Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

කළු ගඟ ජලාශයේ ජලය පිරවීමේ කටයුතු ලබන 23 වන දා

මොරගහකන්ද ජලාශයට සමඟාමීව කළු ගඟ ජලාශයේ ජලය පිරවීමේ කටයුතු ලබන 23 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ජලාශයෙන් මොරගහකන්ද ජලාශයට ජලය රැගෙන යන නව ඇළ මාර්ගය ඉදිකිරීම, මොරගහකන්ද ජලාශයේ ඉදිරිපිට ඉදි වූ කළු ගලින් නිම වූ නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සහ මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ද ලබන 23 වන දින සිදු කිරීමට නියමිතයි.