Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

ට්‍රම්ප් හා කිම් ජොං අන් අතර තවත් හමුවක් - චීනය හා දකුණු කොරියාවත් සාකච්ඡාවලට

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර තවත් සමුළුවක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ස්විස්ටර්ලන්තයේදී අදාළ හමුව පැවැත්වීමට නියමිත අතර මේ වන විටත් උතුරු කොරියානු නියෝජිතයින් පිරිසක් ස්විට්සර්ලන්තයේ බර්න්, ඩාවෝස් හා ජිනීවා යන ප්‍රදේශවලට යොමු කර ඇති බව උතුරු කොරියාව පවසා ඇත.

අදාළ සමුළුව සඳහා දකුණු කොරියාව හා චීනය ද සම්බන්ධ වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පසුගිය ජූනි 12 වනදා ද සිංගප්පූරුවේදී ඇමෙරිකානු හා උතුරු කොරියානු නායකයින් අතර සමුළුවක් පැවත්විය. එහිදී කොරියානු කලාපය තුළ න්‍යෂ්ටික කටයුතු නවතා දැමීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් විසින් එකඟත්වය පළ කළ අතර එම කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රරම්ප් එකඟත්වය පළ කළේය.