Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

තායි ගුහාවේ සිරවූ ළමුන් හය දෙනෙකු මුදවා ගැනේ

තායිලන්ත ගුහාවේ සිරවී සිටි යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් හය දෙනෙකු ඉන් මුදා ගැනීමට මේ වනවිට සමත්ව තිබේ.

කිමිඳුම්කරුවන් විසින් පළමු ළමුන් දෙදෙනා ගුහාවෙන් එළියට ගෙන ඒම මීට පැයකට ඉහතදී සිදු කෙරිණ. තවත් ළමුන් හයදෙනෙකු සහ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ගුහාවෙන් මුදවා ගත යුතුය. පළමු ළමුන් දෙදෙනා මුදවා ගැනිමට හැකිවුයේ එරට වේලාවෙන් පස්වරු 5.40ට පමණ.

මේ වනවිට මුදාවාගත් ළමුන් රෝහල් ගතකර ඇත.  සෙසු ළමුන් ද මුදවා ගැනිමට තවත් පැය 10ක කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ. මෙම මෙහෙයුම සඳහා කිමිදුම්කරුවන් සියයකට ආසන්න පිරිසක් යොදවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.