Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට 4 වැනි තැන

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැති 8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දීමට ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සමත් විය. ඒ මීටර් 1500 තරග ඉසව්වෙනි. ගයන්තිකාට ඒ සදහා ගතවූයේ විනාඩි 4යි තත්පර 26.83 ක කාලයකි. එහි රිදී පදක්කම විනාඩි 4:28.20 කින් තරගය නිමකළ කසකස්ථානයේ ටටියානා නෙරොස්නැක් දිනා ගත්තේය. වියට්නාමයේ තායි ඕවෑන්ගුයෑන් විනාඩි 4:28.87 කින් තරගය නිම කරමින් ලෝකඩ පදක්කමත් දිනා ගනු ලැබීය. මේ අතර, දුර පැනීමේ පිරිමි ඉසව්වෙන් ජානක ප්‍රසාද් විමලසිරි ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

ශ්‍රී ලංකාවට හිමිවූ පළමු පදක්කම මීටර් 800 ඉසව්වෙන් දිනා දීමට නිමාලි ලියනාරච්චි සමත් විය. ඒ තරගාවලියේ පළමු දිනයේදීය. එම ඉසව්වෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ගයන්තිකා අබේරත්න එහි සිවුවැනි ස්ථානයට පත්වූවාය. තරගාවලියේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකාවට දෙවැනි පදක්කම දිනාදීමට උපමාලිකා රත්නකුමාරි සමත් විය. ඒ මීටර් 400 කාන්තා ඉසව්ව තත්පර 54.90 කින් නිම කරමිනි.

රටවල් 13ක් එක්වූ මේ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව 4 කි. ඒ සමගම 8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලේ 7වැනි ස්ථානය ලංකාවට හිමිවිය. වියට්නාමය ද රන් 1 ක් හා ලෝකඩ 3ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව සමග 7 වැනි ස්ථානයේ පසුවේ. ක්‍රීඩා උළෙලේ පළමු ස්ථානය රන් 7ක්, රිදී 4ක් හා ලෝකඩ පදක්කමක් සමගින් පදක්කම් 12ක් දිනාගත් කසකස්ථානයට හිමිවූ අතර සත්කාරක ඉරානය දෙවැනි ස්ථානයට පත්වූයේ රන් 5, රිදී 9 හා ලෝකඩ 10ක් සමගිනි.