Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

ඉන්දීය නෞකාව පැහැර ගෙන ඇති බවට සැකයක්

මේ වන විට ඉන්දියාව, නයිජීරියාව හා බෙනින් රාජ්‍ය සමඟ ‍විශේෂ සබඳතාවක් ගොඩණගමින් සිටී. එමඟින් නෞකාව ඇති ප්‍රදේශය හදුනාගැනීම අපේක්ෂා කෙරේ. නෞකාව අතුරුදන්ව ඇත්තේ, බටහිර අප්‍රිකා මුහුදේදීය. ඒ වන විට එහි 22කු ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සේවයේ යෙදී සිට තිබේ.



නෞකාව මුම්බායි හී සමාගමකට අයත් බව පැවසේ. පැය 24 පුරාම බේරා ගැනීමේ සහාය දුරකථන මාර්ගයක් ද විවෘත කර ඇත බව, එරට මාධ්‍ය වාර්තා කර තිබේ. පැනමාවේ ලියාපදිංචි මෙම නෞකාවේ ඩොලර් මිලියන 8 යි දශම 1 ක් පමණ වටිනාකමක් සහිත ඉන්ධන රැගෙන යමින් තිබූ බව සදහන්. මාස ගණනාවක් කලාපය තුළ මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් නතර වී තිබුණ ද පසුගිය මාසයේ තවත් ඉන්ධන නෞකාවක් මෙලෙස පැහැර ගැනීමට ලක්විය.