Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

ශීත සෘතු ඔලිම්පික් උළෙල අද (9) රාත්‍රියේ දකුණු කොරියාවේදී ඇරඹේ

23 වැනි ශ්‍රීත සෘතු ඔලිම්පික් උළෙල දකුණු කොරියාවේ Pyeong chang හි දී ආරම්භ වීමට නියමිතය. ඉතා සාමකාමී සහ විචිත්‍රවත් ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට හැකි උපරිමයෙන් උත්සාහ කරන බව, මෙවර ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටු සභාපති Lee Hee Beom මහතා සඳහන් කර ඇත.


රටවල් හා ප්‍රදේශ 92 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2925 දෙනෙක් මේ සඳහා සහභාගී වන අතර මේ මස 25 වැනි දින දක්වා තරඟ පැවැත් වේ. ආරම්භක උළෙලේදී දකුණු කොරියානු සහ උතුරු කොරියානු ක්‍රීඩා නියෝජිත කණ්ඩායම් “කොරියානු අර්ධද්වීපයේ ධජය” යටතේ ක්‍රීඩාංගනයට පිවිසේ.