Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප් වහන්සේට වයස අවුරුදු 90 යි

තමා දැන් ගතකරමින් සිටින්නේ තම ජීවිත කාලයේ අවසන් කාලය බව හිටපු පාප් වහන්සේ ලිපියක් මඟින් මහජනතාවට දන්වා ඇති පුවතක් වාර්තා විය. අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේ යවා ඇති ලිපිය ඉතාලි පුවත්පතක පළවී තිබිණ. තමන් ජීවිතයේ අවසන් සමය ගෙවමින් සිටින බව එම ලිපියේ සඳහන් විය.


සියවස් හයකට පසු පාප් තනතුරෙන් ඉල්ලා අස් වූ එකම පාප්වහන්සේ අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේය. උන්වහන්සේ 2013 වසරේ පෙබරවාරි මාසයේදී පාප් පදවියෙන් ඉවත් විය.