Social Icons

facebookrss feedemailtwitter

Sunday, February 4, 2018

ලිබියානු මුහුදේ යාත්‍රාවක් අනතුරට - 90 ක් ජීවිතක්ෂයට

ලිබියාවට නුදුරින් වූ මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 90 ක් පමණ මියගොස් තිබේ. බෝට්ටුවේ ගමන්ගත් අයගෙන් දිවි බේරා ගැනීමට හැකිව ඇත්තේ තිදෙනකුට පමණි. ඒ බව පවසන්නේ සංක්‍රමණිකයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින්ය. බෝට්ටුවේ ගමන්ගත් අයගෙන් වැඩි පිරිසක් පකිස්ථාන ජාතිකයින් වූ බව පැවසේ.
UPDATE
මධ්‍යධරණී මුහුදේ පාවෙමින් තිබියදී මළ සිරුරු 20කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැනීමට මොරොක්කෝ මුදා ගැනීමේ සේවා කටයුතු කර කළ බව ස්පාඤ්ඤ බලධාරියෙක් සදහන් කර ඇත.

මධ්‍යධරණී මුහුද ඔස්සේ සංක්‍රමණිකයන් වැඩි වශයෙන් ඇතුළු වන්නේ ඉතාලියටය. දෙවැනුව ස්පාඤ්ඤයට යැයි ද සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කර සිටී. එම සංවිධානයේ වාර්තාවලට අනුව මේ වසරේදී පමණක් මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට පැමිණ ඇති සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 4,256කි. ස්පාඤ්ඤයට පැමිණ ඇති සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 1,279කි.